වැස්ස
පායනක්ම්
බලාවුන්නා
අහින්සක
පුංචි මලක්
රඟන්නට
සිතා
තුටු කරන්න ලෝකයම..
ඒත්,
වැස්ස පායලා
මොහොතෙන්
ගෙනවිත්
ආකාසේ පාළුව යන්නට
මහා ලොකු
ලස්සන
දේදුන්නක්
හැමෝම ආශාවෙන් බලා උන්නා
ඒ දෙස....
ලස්සනයි
ඇත්තටම..
කාටත් නොපෙනෙන්න
මල මහා හයියෙන්
ඇඩුවා
ඇයි තව තවත්
වැස්සේ නැත්තේ..
වලාකුළකින් අහන ගමන්
දේදුන්න දිහා නොබලාම.
No comments:
Post a Comment